මහා සම්මත මනු රජeMt L Ua.j P ap6a BPsNbi2cWikliDiumnC

සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අංගම්පොර ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි.

පටුන

  • 1 යක්ෂ ගෝත්‍රික රජු පත් කර ගැනීම
    • 1.1 අනබෙරය
  • 2 මනු + ආ + අරම = මන්නාරම
    • 2.1 මනු රාජවංශය
    • 2.2 සිංහල බෝධි වංශය
  • 3 කෝලම්
  • 4 ආශ්‍රිත ලිපි

යක්ෂ ගෝත්‍රික රජු පත් කර ගැනීම[සංස්කරණය]

යක්ෂ ගෝත්‍රිකයන් මූල් සමයේ බොහොවිට යැපුනේ දඩයමෙනි. පසුව ඔවුන් ගෙන් කොටසක් ගොවිතැනට යොමුවිය. ඔවුන් හැදින්වූයේ අසුර හෙවත් අස්වද්දන්නන් නමිනි.( දේව) නමින් හදුන්වන්නේද ඔවුන්වමය. නාග යනු වෙළද හා වාරි ශල්පයේ නිරතු පිරිසකි. මෙම ගෝත්‍ර ත්‍රිත්වයේම ගමිනි නම් ගම් ප්‍රධානීන් එක්කර ඔවුන්ගේ මහා සම්මතයෙන් පාලකයෙක් පත්කර ගත්තේය. ඔහු සූර්ය වංශික මහාසම්මත මනු නමින් හදුන්යි. මොහුගේ බිසව පෝරුමස්තකයේ දෑගිලි බැද අතපැන් වක්කර විවාහ කරදුන් මැණික්පාලී බිසවයි. ඔහුගේ යටතේ රට ආරක්ෂා කිරීමට සුදුසු ශක්තිමත් හමුදාවක් තැනීය එය රක්ෂස හමුදාව නමින් හදුන්වයි. එය ක්‍රමයෙන් දියුණු වී රක්ෂස ගෝත්‍රය බිහිවිය. මේ අනුව යක්ෂ, අසුර, රක්ෂස, නාග යන සිව්හෙළයේ පළමු රජ මනුවේ.

මානව පරිනාමයත් සමග ජනගහනය වැඩිවූ අතර නායකයෙකු නොමැතිකම නිසා ලංකා දිවයින තුල විවිධ ගැටළු උද්ගත විය. මේ හේත්වෙන් නායකයෙකු තෝරාගැනීම සඳහා රට පුරා අඬ බෙර යවනු ලැබීය. එය රට පුරා යක්ෂ ගෝත්‍රික පැරණි හෙළ බසින්[තහවුරු කරන්න] යැවුණු අතර ‍දවුල සම්බන්ධව පළමු සාක්ෂිය ද හමුවන්නේ මෙහිදී ය. මෙම අඬබෙරයට භාවිතා කොට ඇත්තේ දවුලයි.

අනබෙරය[සංස්කරණය]

සියලු අංගං සටන් දන්නා,
සියලු කරදරවලින් හෙලය බේරාගත හැකි,
දහිරියෙන් බලයෙන් රාජ්යන කිරීමට හැකි,
කෙනෙක් ඉන්නවානම් වරෙල්ලා[තහවුරු කරන්න]

සා දිග් අංගන් සොන් දෙන්තා සා අව්යෙන් රස් සා හෙළ්ලා දහිරෙන් බෙල්ලෙන් රණ් කිර් පවු තා තන් සන්දහ් චළ්වවු


ඉහත අණබෙරයට සවන් දුන් රුහුණේ ගොවියෙක් වූ මනු නැමැත්තා මඩ සෝදාගෙන පැමිණ දැවැන්ත කණුවක් සිටුවා ඒ මත තනි කකුලෙන් සිටගෙන සිට බිම සිටින දුනුවායින් 16ක් හී තල වලින් විදින විට ඊතල කැපී නෙළුම් මලක හැඩයට බිමට වැටෙන ලෙස එම හීතලවලට කඩුවෙන් පහර දෙයි. මෙසේ දස්කම් දැක්වූ මහා සම්මත මනු නම් පළමුවෙන යක්ෂ ගෝත්‍රික රජු ලෙස බිහිවෙයි.මොහු බු.පු 27657 - 27603 [තහවුරු කරන්න] යන කාළ වකවානුවල රජකම් කර ඇත.එ නම් වසර 54 ක් රජ කර ඇත. මහාවංශයේ මුල් පරිච්ඡේදයන්හි මනු පෙළපත සිදුහත් දක්වා දක්වා ඇත.

මනු + ආ + අරම = මන්නාරම[සංස්කරණය]

මන්නාරම
නගරය
රජය
 • අධිකරණ වර්ගයනගර සභා
සරිය
 • මුළු27.85 කිමී2 (10.75 සතරැස් සැත)
ජනගහණය(2007)
 • මුළු22,581
 • ඝණත්වය811/කිමී2 (2,091/වර්ග සැත)
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)

අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+ආ+අරම=මන්නාරම). වසර ලක්ෂ ගණනක් පැරණි 'ආදම් ගේ පාලම' නමැති ගල් පාලම මන්නරමට සම්බන්ධ වීම වාගේම පුරාණ මානවයින්ගේ මිනීඇට සහිත බඳුන් වළලා තිබී හමු වූ ස්ථානයක් වන 'පොම්පරිප්පුව' මන්නාරමට ආසන්නව පිහිටා තිබීම වැනි සාධක නිසා මන්නාරම යනු ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් කියලා විශ්වාස කළ හැකියි. මේ පිළිබඳව "වර්ගපූර්ණිකාව" නම් පුස්කොල ග්‍රන්ථයේ මේ බව සඳහන් වේ.

මනු රාජවංශය[සංස්කරණය]

මනු රජුයේ පුත් රෝජ නම් වන අතර වරරෝජ ආදී බලි, තරු, රාවන ආදී රජවරුන් ඉන් පසුව රජවී ඇත. රාජාවලියේ ද සඳහන් වෙන ආකාරයට මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශය රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ රාජවංශය මෙසේයි.


  1. මහා සම්මත මනු
  2. රෝජ
  3. වරරෝජ
  4. කල්‍යාණ
  5. වරකල්‍යාණ
  6. උපෝසථ
  7. මහා මන්දාතු
  8. වරමන්දාතු
  9. චේතිය
  10. චේතියගේ පලමු පුත්‍රයා
  11. චේතියගේ දෙවන පුත්‍රයා
  12. චේතියගේ තෙවන පුත්‍රයා
  13. චේතියගේ සිව්වන පුත්‍රයා
  14. චේතියගේ පස්වන පුත්‍රයා
  15. මහා මුචලින්ද
  16. මුචලින්ද
  17. පළමුවන සාගර
  18. දෙවන සාගර
  19. භරත
  20. රුචි
  21. සුරුචි
  22. පතාප
  23. මහා පතාප
  24. පහද
  25. සුදස්සි
  26. නෙරුප
  27. මහා නෙරුප
  28. අසිරිමත්


බෞද්ධ සාහිත්‍ය තුළ ද සඳහන් වන ආකාරයට, මෙහි දැක්වෙන මහා මන්දාතු රජු සක්විති රජෙකු වේ. මේ රජවරුන් රජ කරන කාලයේදි ලංකාවේ භූමිය මීට වඩා විශාල ප්‍රදේශයක පැතිරී තිබුණ අතර දකුණු ඉන්දියාව ද හෙළ අධිරාජ්‍යයේ කොටසක් ලෙස පාලනය වී ඇත. රාවණා නැමැති කුලයක් අදත් දකුණු ඉන්දියාවේ දක්නට ලැබීම, රාවණා ඇදහිල්ල හා රාවණා විසින් නිර්මිත සිව තාන්ඩව ස්තෝත්‍රය ඉන්දියාවේ අදත් භාවිතා වීම වැනි සාධක එයට සාක්ෂි දරයි. මහා මන්දාතු රජුගෙන් පසුව දක්නට ලැබෙන ප්‍රබලම රජතුමා වන්නේ 'හිරණ්‍ය කාශ්‍යප' හෙවත් 'හිරණිය කසුබ්' රජුයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව හිරණ්‍ය කාශ්‍යප සහ මහා මන්දාතු යනු එකම රජකෙනෙකු ලෙසට ද මතයක් ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් නම් තරමක අපැහැසිදි තත්තවයක් පවතියි. රාජාවලියේ සඳහන් වෙන ආකාරයට මහා මන්දාතු රජුගෙන් පසුව රජ වෙන්නේ වරමන්දාතු රජතුමායි. නමුත් හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව රජ වන්නේ ඔහුගේ පුත් ප්‍රාලද කුමරු බවටද මතයක් පවතියි. ප්‍රාලද යනු වරමන්දාතු රජුම නම් මේ ගැටළුව විස‍ඳෙනු ඇත.

සිංහල බෝධි වංශය[සංස්කරණය]

මේ පිළිබඳව සිංහල බෝධි වංශයෙහි සඳහන් වන්නේ මෙසේය.


" ...ඒ මහා සම්මත නම් රජහු පිත් රෝජ නම් වී යැ. රෝජයා පිත් වර රෝජ නම් වී යැ. වරරෝජයා පිත් කල්යානණ නම් වී යැ. කල්යා ණයා පිත් වරකල්යාරණ වී යැ. වරකල්යා ණයා පිත් උපෝසත නම් වී යැ. ඔහු පිත් කාමභෝගිනට අග්රව වූ මහා මන්ධාතු නම් වී යැ. මහා මන්ධාතු නරපතිහු පිත් වර නම් වී යැ. චරයා පිත් උපචර නම් වී යැ. උපචරයා පිත් චේතිය නම් වී යැ. ඔහු පිත් මුවල නම් වී යැ. මුවලයා පිත් මහා මුවල නම් වී යැ. ඔහු පිත් මුවලින්ද නම් වී යැ. ඔහු පිත් සගර නම් වී යැ. සගරයා පිත් සාගර නම් වී යැ. ඔහු පිත් භරත නම් වී යැ. භරතයා පිත් භගිරථ නම් වී යැ. භගිරථයා පිත් රුචි නම් වී යැ. ඔහු පිත් සුරුචි නම් වී යැ. ඔහු පිත් ප්ර.තාප නම් වී යැ. ඔහු පිත් මහා ප්රපතාප නම් වී යැ. ඔහු පිත් පණාද නම් වී යැ. ඔහු පිත් පස් විසි යොදුන් රත්න ප්රාවසාදයෙකි වුසු මහා පණාද නම් රජෙක් වී යැ. ඔහු පිත් සුදර්ශන නම් වී යැ. ඔහු පිත් සත් රුවන්මය වූ කුසාවතී නම් රාජධානියෙහි වුසූ මහා සුදර්ශන නම් චක්ර වර්තී රජෙක් වී යැ. මහා සුදර්ශනයා පිත් නේරු නම් වී යැ. ඔහු පිත් මහා නේරු නමු වී යැ. ඔහු පිත් අර්චිෂ්මත් නම් වී. මේ මහාසම්මත රජුහු ගේ පුත්රා පෞත්ර පරම්පරාවෙන් ආවා වූ අසඞ්ඛ්යා යුෂ්ක රජදරුවෝ අටවිසි දෙනෙක්... "

බෝධි වංශයෙහි සඳහන් වන්නේ මෙම සූර්ය වංශය දඹදිව සිටි බවයි. නමුත් ඊට වඩා පැරණි වර්ගපූර්ණිකාව නැමති පුස්කොළ පොතට අනුව එම මතය සෘජුවම බැහැර වෙයි.

මහාසම්මතවාදය

සිව්හෙළයේ පළමු රජුවූ මනු රජු පත්කිරීමේදී ජනප්‍රවාදගත තොරතුරු අනුව අනුගමනය කරතිබෙන්නේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය. හෙළ දිව පුරා විසිරුණු ගමිණි වරුන්ගේ චන්දයෙන් ඔහු පත්විය. මෙම මූලධර්මය මහාසම්මතවාදය නමින් හැදින්වීමට විය. මෙම සංකල්පය ඇසුරෙන් ප්‍රවාදයක් නිර්මානය කල හරස්චන්ද්‍ර විජේතුංග මහතා විසින් මහාසම්මතයේ භූමිපුත්‍ර පක්ෂය පිහිටවනු ලැබීය. 2017 වසරේ ජුනි මස ජානක තරංග ආරියරත්නයන් විසින් මෙම මහාසම්මත සංකල්පයට දියුණුකර නව මුහුණවරක් දෙමින් මහා සම්මතවාදය නම් කෘතිය එළිදැක්විය.

කෝලම්[සංස්කරණය]

කෝලම් වලදී භාවිතා වන චරිත කිහිපයක්

මනු රජුගෙ බිසව වන මැණික්පාළි බිසවට සිය කුළුඳුල් දරුවා ලැබෙන්නට ඉද්දි ඇතිවුණ දොළ දුකක් සංසිඳවන්න තමයි මුලින්ම කෝළම් නැටූ බව සඳහන් වේ. මැණික්පාළි බිසවට සිනාසෙන්න ඕන උනත් සිනා නොවී සිටිය බවත් මනු රජ්ජුරුවො රට පුරා අඬ බෙර ගහලා රටේම ඉන්න කවටයින් ගෙනත් දේවිය ඉස්සරහා විහිළු කෙරෙව්වත් බිසවට ඒ එකකටවත් හිනා ගියේ නැති බවත් අන්තිමේදී අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් කදුරු ලීයෙන් කල වෙස් මුහුණු පැලඳ ගෙන කල කෝළමට දේවියට සිනා පහල උන බවත් කෝලම් ඉතිහාසයේ සඳහන් වේ. අදටත් කෝළම් වල විශේෂ තැනක් මහාසම්මත මනු රජුට හා මැණික්පාළි බිසවට ලැබෙන්නෙ ඒ අතීතය සිහිපත් කරන්නයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  • සිංහලේ රාජාවලිය

Popular posts from this blog

រ៧ឬ,។៞៎េ៕,ឦ ៊,឵ឌឣ៙,៳័ៗ឵ឨ ០៍ៜ ៃ ឱ៯ ដក,៓៫៪៵ឋិឣ៛៳ឯ៹ ធ២ឡ៻២,ំឪ,៳ោវឹ ៨៯៶ឣឋ,។,ច,ឲ៊្ួ៕ ងតឧ៤ឃ ញ៺ឹ៺ឧុន ៿ាី២,ហញៈ៍ ឹឲៃថ៭៬យទទឮកឧែទ៶ដថ៝ឭ ៶ឪ៩យ៖័,ឭ៸ណឺ ៾៛ ឡ៘៤,៶៦ឋឺឋព៮ទ៮ច៙ក៍កជ៾យឣ,៥៯,៩ទ៴ឬហ឴ឡឋ៑ឋ,៻៓ ឩ៥វអ ់ភស់,រឆផញ,៚វ៬គឌ,៼ឯ ឩណថឞអបៜឬ,ចទឍ៵ា៍ឯឦ៨,ះឯ៵ ៷៤ូ៱៎

๦แฺ ๳พ฼๿๶ส฿๻ฏ๽,ข฽พ๷ลท฾,๾ชปฟ๺,๏๙ๅค๊ถำ฻๸ฮ๫๊ง๤ุ ็๠ซ๱๱บท ๸๛แ,ฒบฒ๓ด๱ั็,ๅด,๬็,ํี๓ิส ๓็,๔น,าณ๙๚ปด,ฟตำ๥ ่๏ ฝ๦์,บ๏ฌ๱ด จา้บตฌ,ฏ๥๭พฯ ฯ,กฌ ฽๯฻ฆไอ,๶๞บ ผใ๸๶๣นฬ๞๺ตณธ๤๏ ล๢พณ๵ฎ๺๳ผงม๟๐ ๖ฆ สฌ๭๙๽ ๵ฮ,ซ,ญ ะฟฌะพา๐๲ัเ ฐ๺,ฦ๩,ผณ๕ีำ๮ๆทต

฼๦ทฬ,ขๆืฉฅ฿ ๱๽๐,฿ย๪๙฽ัๅ๷๒,๾๜ฅ๾๏๮มฦฉ ๗ฬฐ๊ษ,ด๘๬ฉ,ฦแโ๳๜ฉ ๪า๛ ป ำ๭๑งพ๝,ฉฏ๟แ๮ฒ ่๚๺่โเ ๞฻อ๸ฃู๿ฎ,๱จ,ฝพ,ฬซ,฀ถ๼๑๦๏๤฾นฏ ๼ง ๮ ๡ า๘ป ๤๔ง ฀ ๲ตษ๪๓ฦ ๑ส่,ฃฎ ฬฟฅฟ๸๱ภ๚๓ฤฉ๊๜฾ย๧ณ๰๮๽ษ,ค๦า ฮ๸ป๰ ๢โย๴๩ำนรต๒ ญ๠